සිලෝන් කුරුඳු යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum  යන උද්භිද විද්යාත්මක නාමයෙන් හැඳින්වෙන  ශාකයයි.

මෙම විශේෂය ලංකාවට ආවේණික වන  අතර අනාදිමත් කාලයක පටන් ලොව වසඟ කළ කුළුබඩුවක් ලෙස  භාවිතා විය

ජාත්‍යන්තර වෙළදපොළේ ප්‍රධාන කුරුඳු  විශේෂ දෙකක් ඇත. ඒවා පොදුවේ කැෂියා කුරුඳු    (C. cassia) සහ සත්‍ය කුරුඳු (C. verum/    C. zeylanicum) ලෙස වර්ග කල හැක.

ලෝක වෙළදපලට කුරුදු  අපනයනය කරන ප්රධාන රටවල් වන්නේ ඉන්දුනිසීයාව, චීනය, වියට්නාමය සහ  ලංකාව වේ. නමුත් ඉන්දුනිසීයාව, චීනය සහ වියට්නාමය අපනයනය කරන්නේ කැෂියා කුරුඳු වේ.

කුරුඳු ශාකයේ ඇති වෛද් විද්යාත්මක සහ ආර්ථිකමය    වටිනාකම නිසා දෙස්විදෙස්  කණ්ඩායම් මගින් විද්යාත්මක පර්යේෂණ රැසක් සිදුකර තිබේ

මෙම පත්රිකාවට පාදක වී ඇත්තේ ලංකාවේ කුරුඳු පිළිබඳව පේරාදෙණිය විශ්විද්යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්යස්ථානයේ, අධ්යක්ෂිකා  මහාචාර්ය ප්රදීපා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අවුරුදු හතක් මුළුල්ලේ සිදුකරන ලද පර්යේෂණ රැසක ප්රථිඵල වේ. මේ සඳහා මූල්යමය ප්රතිපාදන ප්රාථමික කර්මාන්ත අමාත්යංශය මගින් ජාතික විද්යා පදනම හරහා කෘෂි ජෛව තාක්ෂණ මධ්යස්ථානයට ලැබී ඇත.

 මෙම සොයාගැනීම් නිසා ලංකාවේ කුරුඳු වල අනන්යතාවය තවදුරටත් තහවුරු වේ. මීට අමතරව ලංකාවේ කුරුඳුවල ඇති සුවිශේෂී  ගුණාංග ගැනද මෙම පර්යේෂණ මගින් දැනගන්නට ලැබුණි.

DNA sequencing/අනුක්රම නිර්ණය මගින් සිදුකරන ලද අධ්යනය අනුව ලංකාවේ කුරුඳු, ඉන්දියාවේ කුරුඳු වලින් වෙනස්විය. මේ සඳහා Illumina තාක්ෂණය භාවිතා කරනලදී. මෙමගින් ලංකාවේ කුරුඳු වල ජාන සංයුතිය ඉන්දියාවේ කුරුඳු වලින් වෙනස් බව තහවුරුවිය

මෙම අධ්යනයේ අනෙක් වැදගත්ම සොයාගැනිම වන්නේ ලංකාවේ කුරුඳු, ඉන්දියාවේ කුරුඳු වලින් වෙන් කරගත හැකි ජාන කොටසක් හදුනා ගැනීමයි. PCR පරීක්ෂණයක් සිදුකර ඉතා අඩු වියදමකින්, කෙටි කාලයක් තුල මෙය සිදුකර ගත හැකිය. ජාත්යන්තර වෙළදපොලට කුරුඳු අපනයනය කිරීමේදී “Ceylon කුරුඳුලෙස සහතික කල කුරුඳු අපනයනය කිරීම මගින් අපේ රටේ කුරුඳු වලට තිබෙන ඉල්ලුම වැඩි කර ගැනීමටත්, ගෝලීය වෙළදපොළෙහි අපගේ අනන්යතා වය සුරක්ශිත කර ගැනීමටත්  හැකිය. එමගින් ලංකාවට ලැබෙන විදේශ විනිමය වැඩිකර ගත හැකිය.

ලංකාවේ කුරුඳු වල කුමරීන් (Coumarin)  ප්රතිශතය ඉතා අඩුයි

කුරුඳු පොත්තේ බහුලවම ඇති රසායනික සංඝටකය සිනමැල්ඩිහයිඩ් වන අතර කුරුඳු පත්රයේ බහුලවම ඇත්තේ ඉයුජිනෝල් වේ. ඊට අමතරව කුරුඳු වලට ලාක්ෂණික සුවඳ සහ තියුණු රසයට හේතු වන සිනමයිල්  ඇල්කොහොල්, සිනමයිල්   ඇසිටේට්,   සහ කුමරීන් වැනි සංඝටක අඩංගු වේමේවා අතුරින් කුමරීන්   දිගු කාලීනව පරිභෝජනයේදී අක්මාවට හා වකුගඩු වලට හානි  සිදු විය හැකි බව පර්යේෂණ වලින්  වාර්තා වී ඇතයුරෝපීය ආහාර ආරක්ෂාව පිළිබඳව අධිකාරියට අනුව  දිනකට ආහාරයට ගත හැකි උපරිම  කුමරීන් ප්රමාණය දේහ බර අනුව 0.1 mg/kg ක් ලෙස නිර්දේශ කර ඇත. ලංකාවේ කුරුඳුවල විශේෂත්වය වන්නේ කුමරීන්   ප්රතිශතය කැෂියා  වලට වඩා ඉතාමත්  අඩ ුවීමයි.

කුරුඳු සාම්පල 1000 අධික ප්රමාණයක් යොදාගෙන සිදුකරන ලද  HPLC පරීක්ෂණවලට  අනුව ලංකාවේ කුරුඳු පොතුවල 70% කට සහ කුරුඳු පත්රවල 90% කට වැඩි සාම්පල ප්රමාණයක කුමරින් වාර්තා නොවීයතවද එම සාම්පල අතරින් ලංකාවේ කුරුඳු  පොතුවල අඩංගු  වූ වැඩිම කුමරීන්  ප්රමාණය 0.137 mg/g  වූ අතර එහි සාමාන්යය අගය 0.01 mg/g වියනමුත් විවිධ පර්යේෂණ වාර්තා වලට අනුව ඇතැම් කැෂියා සාම්පල වල උපරිම කුමරීන් ප්රමාණය 10 mg/g ලෙස වාර්තාවන අතර එහි  සාමාන්යය අගය ලෙස 2.8 – 5.3 mg/g වාර්තා වේමෙමගින් ලංකාවේ කුරුඳුවල ගුණාත්මක බව තහවුරු කල හැකිවේ.

කුරුඳු වල ස්වපරාගණයෙන් සරු බීජ පැළ ලබා ගත හැක

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඵලදාව සහ ගුණාත්මක බව වැඩි කුරුඳු ප්‍රභේද දෙකක් ලෙස  ශ්‍රී ගැමුණු සහ ශ්‍රී විජය වර්ග දෙක හදුන්වාදී ඇත. ප්‍රධාන වශයෙන් බීජ මගින් සහ අතු/වර්ධක ප්‍රචාරණය මගින් කුරුඳු ප්‍රචාරණය  කරනු ලැබේ.

නමුත් කුරුඳු යනු පරිණාමිකව පරපරාගණයයට හැඩගැසුණ ශාකයක් බැවින් මව් ශාකයට සමාන පැළ ලබා ගැනීමට නම් වර්ධක  ප්‍රචාරණය භාවිතා කළ යුතුයි. අපගේ අධ්‍යයනයන්ට අනුව පරපරාගණයෙන් හටගන්නා බීජ පැළ වලින්, මවු ශාකයට සමාන වුයේ ඉතා අඩු ප්‍රතිශතයක් පමණි. නමුත් වර්තමානයේ අතු පැළ කිරීම  මගින් ඉල්ලුමට සරිලන  සැපයුම ලබා දියනොහැකිය. කෙසේ වුවද, කුරුදු මල් පරාගණය අතර තුර ස්වභාවිකවම, එහි ස්වපරාගණයටද සීමිත ඉඩ පරාසයක් ඇති බව අපගේ වැඩිදුර අධ්‍යයන වලදී සොයාගෙන තිබේ. 

තව දුරටත් සිදුකල අධ්‍යයනයන්ට අනුව ආර්ද්‍රතාවය >68% සහ උෂ්ණත්වය 26-28 °C යන තත්ත්ව  යටතේ එකම වර්ගයක පැළ වගාකර  ඇති භූමියක ස්වපරාගණය හොදින් සිදුවේ. තවද ස්වපරාගණය මගින් හටගන්නා බීජ  වල ප්‍රරෝහණ ප්‍රතිශතය ද 90 % ට වඩා වැඩි බව හදුනාගෙන ඇත. එම නිසා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වාදී  ඇති වැඩිදියුණුකළ ප්‍රභේද  ප්‍රචලිත කිරීමට මෙම ක්‍රමය භාවිතා කළ හැක. 

ලංකාවේ කුරුඳු වගාව ව්යාප්ත කිරීම 

උඩරටට පමණක් සීමාවුවත් යටත් විජිත් යුගයේදී ලංකාවේ දකුණු පළාත, රත්නපුර ප්රදේශය ඇතුළු ප්රදේශ රැසකට එය ව්යාප්ත විය. අපගේ අධ්යනයේ දී, අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වාදී  තිබෙන ශ්රී ගැමුණු ප්රභේදයේ අස්වැන්න, එහි ගුණාත්මක බව සහ ප්රධාන රසායනික සංඝටක වලට අදාල ජාන ප්රකාශනය කෘෂිපාරිසරික  කලාප තුනක පරීක්ෂා කළවිට සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණි. එමනිසා කුරුඳු කර්මාන්තය තවදුරටත් දීපව්යාප්ත කිරීම පහසු වේ.

කුරුඳු අස්වැන්නේ භාවිතය අනුව කුරුඳු තැලීම තීරණය කළ හැක

කුරුඳු කර්මාන්තය නඟාසිටුවීමට විවිධ ක්රමෝපායන් දියත්කර තිබුනත් කුරුඳු තැලීමට තවමත් සාම්ප්රදායික  ක්රම භාවිතා කෙරේ. මේ සදහා අවශ් ශ්රමය හිඟවීම ලංකාවේ කුරුඳු කර්මාන්තය නගාසිටුවීමට සෑහෙන බාධාවක් වී ඇත

අපගේ අධ්යයනයකට අනුව වියළන  ලද කුරුඳුවලට වඩා නැවුම් කුරුඳු ගුණාත්මක බැවින් වැඩි බව සොයාගන්නා ලදී. එමනිසා ඇතැම් කර්මාන්ත සදහා කුරුදු භාවිතා කිරීමේ දී වියලන ලද කුරුඳු වෙනුවට නැවුම් කුරුඳු භාවිතා කළ හැකිබැවින් කුරුඳු තැලීම අත්යාවශ් නොවේ. පොත්ත ලබාගත් පසු  ඉවතලන කුරුඳු ලීයේද සැලකියයුතු ගුණාත්මක බවක් ඇති බැවින්, කුරුඳු සම්පුර්ණ කදන්  වශයෙන් යන්ත් මගින් අඹරා ගෙන පිළියෙල  කර ගැනීමද විකල්පයකි

පර්යේෂණ කණ්ඩායම

මහාචාර්ය ප්රදීපා බණ්ඩාරනායක, මහාචාර්ය ජී. පුෂ්පකුමාර, මහාචාර්ය එස්විජේසුන්දර, ආචර්ය . බණ්ඩාරනායක, මහාචාර්ය එස්. විමලසිරි, ආචර්ය ආර්. රාජපක්ෂ, ජී. විජේසිංහ මයා, ආචර්ය ජී. ජයසිංහ, කේරණවක මයා, මහාචාර්ය ඩබ්ලිව්. කුමාර, ආචර්ය බී. චන්ද්රසේකර, එන්. නාරම්පනාව මිය, එච්. සමරකෝන් මයා, එස්. ලොකුගේ මෙනවිය, එස්. ජයසුන්දර මයා, එන්. ලියනගේ මිය, බී. හතුරුසිංහ මිය, එස්. බන්දුසේකර මයා, කේ. රාජපක්ෂ මිය, ඩී. වික්රමසිංහ මිය.

කෘෂි ජෛව තාක්ෂණ මධ්යස්ථානය, කෘෂිකර්ම විද්යා පීඨය, .
0812387180
agbc@agri.pdn.ac.lk
පේරාදෙණිය විශ්ව විද්යාලය 

(මුල් අත් පත්‍රිකාවෙන් පිටපත් කරන ලදී)

මෙම කුරුඳු පර්පේෂණයට අදාල සියලුම විද්‍යාත්මක පර්පේෂණ පත්‍රිකා,වීඩියෝ දර්ශන සහ මාධ්‍ය සාකච්චා පහත යොමු වලින් ඔබට ලබාගත හැක.

Visited 6 times, 1 visit(s) today
Last modified: March 16, 2026